කාසල්රී ජලාශය ආශ්‍රිතව, මැණික් ජාවාරමක් (වීඩියෝ)

අප්‍රේ 01, 2019

    කාසල්රී ජලාශය ආශ්‍රිතව, මහා පරිමාණ මැණික් ජාවාරමක් සිදුවන බව, අප වාර්තාකරු පවසයි.

    ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අතර, ඒ හේතුවෙන් ජාවාරම්කරුවන් එහි ඉවුරේ කැණිම් සිදුකර තිබේ. කාසල්රි ජලාශය, ලක්‍ෂපාන විදුලි බලාගාරය සඳහා ජලය සපයන ප්‍රධාන ජලාශ දෙකෙන් එකක්. රාත්‍රී කාලයේදී විශේෂ විදුලි ආලෝකයක් යොදා ගනිමින්, ජාවාරම්කරුවන් ජලාශ ඉවුරේ කැණීම් සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

    ප්‍රධාන මාර්ගය ආසන්නයේ විශාල ඉල්ලං ගොඩගසා ඇති ආකාරය ද දැකගත හැක. ජාවාරම පිලිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කළයුතු බව ප්‍රදේශවාසීන් කියා සිටී.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 20:03

    Latest News