රුපියලේ අගය තවත් ශක්තිමත් වේ

අප්‍රේ 01, 2019

    සතියක් තුළ දෙවන වරටත් ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (01) ඉහළ ගොස් තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 177.23 ක් ලෙසින්ද ගැනුම් මිල රුපියල් 173.38ක් ලෙස දැක්විණි.

    ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය වු අතර නැවතත් රුපියලේ වටිනාකම ඉහල යාම ආරම්භ වුයේ මේ වසරේ මාර්තු සිටයි.

    එ අනුව මාර්තු 22 වැනිදා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.78 ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල රුපියල් 175.93ක් ලෙස පැවතිණ. පසුගිය වසරේ දෙසැම්බර් මාස ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය.

    රොයිටර් පුවත් සේවයට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 16% කින් අවප්‍රමාණය වී තිබෙන. පසුගිය වසරේ දෙසැම්බර් වලට සාපෙක්ෂව ඩොලරයේ විකුණුම් වටිනාකම රුපියල් 7.46 කින් පහල ගොස් තිබේ.

    Latest News