765 Kg අධික මත්ද්‍රව්‍ය විනාශ කිරීම අද (ඡායාරූප)

අප්‍රේ 01, 2019
  • මෙරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්, අධිකරණ කි‍්‍රයාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 765කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රසිද්ධියේ විනාශ කිරීම අද (01) පෙරවරුවේ කැලණිය, මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරේ.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් මේ සඳහා පියවර ගෙන තිබෙන අතර එම අවස්ථාව දැකබලා ගැනීමට ජනාධිපතිතුමා ද එක්වීමට නියමිතය. එමෙන්ම එම අවස්ථාව සියලූ මාධ්‍යවලට විවෘත වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු කෙරෙයි.

    පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවන්නේ ද යන්න ජනතාව තුළ ඇති ගැටලූවට විසඳුමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබෙන අතර මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි 15 වැනිදා කොකේන් නැමැති මත්කුඩු කිලෝග‍්‍රෑම් 926ක් ප‍්‍රසිද්ධියේ විනාශ කරන ලදී.

    එසේ විනාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් 09 වැනිදා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයයි. හෙට (01) ප‍්‍රසිද්ධියේ විනාශ කරනු ලබන්නේ මෙරට තුළ දී අත්අඩංගුවට ගත් මත්කුඩු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

    එමෙන්ම මෙම අපේ‍්‍රල් 03 වනදායින් පසු නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් තවදුරටත් ඉහළ නංවමින් මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ තවත් වේගවත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

    IMG 20190401 WA0002

    IMG 20190401 WA0004

    IMG 20190401 WA0008

    IMG 20190401 WA0000

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 12:48

    Latest News