දිමුත්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පරීක්‍ෂණයක්

මාර් 31, 2019

    Update : දිමුත් කරුණාරත්න ගමන් ගත් වාහනය අද අළුයම ත්‍රීරෝද රථයක ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දිමුත් කරුණාරත්න අතර ඇති ගිවිසුමට මේ තුළින් යම් බලපෑමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී. එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නිවේදනයේ සඳහන්.

    දිමුත් පොලිස් ඇප මත නිදහස් කෙරේ (පෙ.ව. 10.45)

    අද අළුයම අනතුරක් සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්වූ දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත නිදහස් කෙරේ. හෙට දින අධිකරණයට ඉදිරිපත් වන ලෙස පොලිසිය විසින් ඔහුට දැනුම් දී තිබේ.

    රිය අනතුරක් නිසා දිමුත් අත්අඩංගුවේ - (පෙ.ව. 08:41)

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රිය අනතුරක් සම්බන්ධව අද (31) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    අද අලුයම 5.15ට පමණ බොරැල්ල පොලිස් වසමේ කින්සි හොර්ටන් හංදියේ දී මෙම අනතුර සිදුවී ඇත. ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමත් ව සිටි බවට අනාවරණය වීමත් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 17:39

    Latest News