අස්වැසුම හිමි ඔබට සුබ ආරංචියක්

මාර් 12, 2024

    අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ, ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු 3 ක් ඇතුළත ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින්, වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මූලික අදියරේදී, දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් 16,000 ක් ඉලක්ක කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකු මූල්‍ය ආධාර සහ දේශීය අරමුදල් මගින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙනවා.

    එහි ප්‍රතිඵල මත පදනම්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනා ගත් ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    Latest News