ලකඹර සුරකින ගුවන් හමුදාවේ 73වැනි සංවත්සරය අද (02)

මාර් 02, 2024

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද සිය 73 වැනි සංවත්සරය සමරනවා.

    මෙවර සංවත්සර සැමරුම උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම විශේෂත්වයක්. 1951 වසරේ මාර්තු 2 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කෙරුණේ, රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙසයි. 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, රාජකීය ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නම් කරනු ලැබුවා.

    “සුරකිමු ලකඹර” උද්ධෘත පාඨය පෙරදැරි කර ගනිමින් එදා මෙදා තුර පුරා වසර 73 ක් මවුබිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී සිටිනවා. 73 වැනි සංවත්සරය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. පාසල් 73 ක් සංවර්ධනය කිරීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක්.

    පාසල් අභ්‍යාස පොත් හා පුස්තකාල සඳහා පොත් 73,000 ක් පරිත්‍යාග කිරීම ද වැඩසටහනට ඇතුළත්. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සංවත්සර වැඩසටහන් ක්‍රියාත්මකයි.

    Latest News