'යොවුන් පුරය' බලන්න අගමැති එයි..

මාර් 30, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුර කඳවුරෙහි පැවැත්වෙන දෙවන සභා වාරයෙහි පැවැති අවස්ථාවට ද සහභාගී විය.

    ඉන් පසුව සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සකසා තිබූ කදවුරු වෙත ගිය අගමැතිවරයා හා සම්භාවනීය අමුත්තන් යොවුන් පුර වැසියන් විසින් පිළිගනු ලැබීය.

    මීට අමතරව මෙම යොවුන් පුරය තරුණ තරුණියන්ට නව අවස්ථාවන් උදා කර දෙන්නක් වන අතර එය අදවන විට සැබෑවක් වී ඇති බවද යොවුන් පුර පුරපති සසංක බදුගේ මහතා අග්‍රාමාත්‍යවරයා යොවුන් පුර නගර සභාවට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය. මෙලෙස තාරුණ්‍යයට නව අරුතක් එක් කිරීම වෙනුවෙන් අගමැතිතුමාගේ මෙම යොවුන් පුර සංකල්පයට තමා ස්තූතිවන්ත වන බවද බදුගේ මහතා තව දුරටත් පැවසුවේය.

    මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා ඇතුලු පිරිසක් එක්විය.

    77bc06810e7c8084e2fc4822482ce838 XL

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 09:47

    Latest News