අයවැයෙන් කොළඹ ගංවතුර පාලනය කරන්න මිලියන 2482ක්

ජන 17, 2024
    බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2482 ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා ප්රධාන ව්යාපෘති 6 ක් ක්රියාත්මක කෙරෙනු ඇති.

    ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්රධාන ව්යාපෘති ක්රියාත්මක කරනු ලබන්නේ ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. මහ කොළඹ නාගරික සංවර්ධන ව්යාපෘතිය සදහා මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292 ක්.

    ව්යාපෘතිය යටතේ අඹතලේ පොම්පාගාරය, මාදිවෙල නැගෙනහිර හැරවුම, ටොරින්ටන් උමග සංවර්ධනය ඇතුළු තවත් උප ව්යාපෘති ගණනාවක් සංවර්ධනය කර මහජන පරිහරණය සඳහා බාර දී ඇති බවයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ.
    වේරස්ගඟ හා කොළොන්නාව වැසි අපවහන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය, වැඩිදියුණු කිරීම සඳහා අයවැයෙන් ප්රතිපාදන වෙන් කර තිබෙනවා.

    Latest News