උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා

දෙසැ 30, 2023

    භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ තිබෙනවා.

    කොලඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කල භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිම හේතුවෙනුයි මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇත්තේ. දුම්රිය පිලි පැනිමට ලක් වි ඇත්තේ අද (30) උදැසන 9.30 ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර , හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදියි. පිලි පැනිමට ලක් වු දුම්රියේ මගි ප්‍රවාහන මැදිරියක් පිලි පැනිමට ලක් වි ඇති බවත්, පිලි පැන ඇති දුම්රිය මැදිරිය පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන්, දුම්රිය පිලි පැන ඇති ස්ථානය වෙත ධාවනය කර දුම්රියන් දෙකේ ගමන් ගන්නා මගින් දුම්රියන් වෙත මාරු කර මගින්ව සිය ගමනාන්තය දක්වා යැවිමට පියවර ගන්නා බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරින් පවසා ඇත.

    Latest News