25 - 26 සුරාසැල් වැසේ

දෙසැ 23, 2023

    නත්තල් දිනය යෙදී ඇති එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

    එසේ වුවත්, සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා ඇත. එමෙන්ම 2023 දෙසැම්බර් මස 26 වන අඟහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට නියෝග කර තිබේ. එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත් වේ.

     

    413105213 563357925996433 5227780603034411242 n

    Latest News