යුක්තියට 2296 ක් කොටු

දෙසැ 20, 2023
    'යුක්තිය' මෙහෙයුමට සමගාමීව ඉකුත් පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදු කෙරුණු විෂ මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි වැටලීම්වලදී සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසිය පවසන්නේ, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛණගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 218 දෙනෙකුද මෙම මෙහෙයුම්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

    අත්අඩංගුවට ගත් පිරිසෙන් 109 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සැකකරුවන් 14 දෙනෙකු පිළිබඳ වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
     
    තවත් 184 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කිරීමට පියවර ගනු ලැබුවා.
    මුල්ලේරියාව පොලිස් බල ප්රදේශයේ ඊයේ සිදු කළ මෙහෙයුමෙන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

    Latest News