සනත්ට සති දෙකකට පාර්ලිමේන්තු තහනම්

නොවැ 22, 2023

    සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට සති දෙකකට අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දැනුම් දුන්නා.

    ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයාට බාධා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන කතානායකවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

    ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් යොමු කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ ලිපි ගොනුව රැගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබෙනවා.

    ඒ අනූවයි, අද සිට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

    Latest News