සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්

මාර් 29, 2019

    2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

    දිවයිනේ පළමු සහ දෙවැනි ස්ථානයක් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

    දෙවන ස්ථාන 3 ක් ශිෂ්‍යාවන් තිදෙනෙකු විසින් හිමි කර ගෙන ඇත.

    විශාකා බාලිකා විද්‍යාලයේ, නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව ප්‍රථම ස්ථානයත්, ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී ශිෂ්‍යාව දෙවන ස්ථානයත් හිමි කර ගෙන තිබේ.

    ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි ශිෂ්‍යාව හා මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා යන සිසුවියන් දෙවැනි ස්ථානයන් හිමි කර ගෙන ඇත.

    දිවයිනේ දෙවැනි ස්ථාන 3 ක් දිනා ගැනීම හේතුවෙන් මෙවර තෙවන ස්ථානයක් හා හතර වැනි ස්ථානයක් වෙන් නොවන අතර, පස්වැනි ස්ථානය සඳහා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ලිහිණිකඩු ආරච්චිලාගේ ගයාත්‍රී හර්ෂීලා ලිහිණි කඩුආරච්චි ශිෂ්‍යාව විසින් දිනා ගෙන තිබේ.

    මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ හය වැනි ස්ථානයන් 5ක් හිමිව ඇති අතර කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ සමරකෝන් රාළලාගේ සහන් යසංක සමරකෝන්, එම විද්‍යාලයේම කන්දෙ කන්කානම්ලාගේ කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ, හොරණ තක්ෂිලා මධ්‍ යමහා විද්‍යාලයේ සමරසිංහ පතිරණගේ හිමාෂි එරංදිකා සමරසිංහ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හිමි කර ගෙන ඇත.

    www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 656,984 ක් අයදුම්කර තිබූ අතර, අපේක්ෂකයින් 518,184 ක් විභාගයට පෙනී සිට ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, උසස් පෙළ සඳහා පෙනී සිටීමට සියයට 71.66ක් සුදුසුකම් ලබා තිබේ. සමස්තයක් ලෙස මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 64.11ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව, A සාමාර්ථ 9ක් ලබා ගත් සිසුන් සංඛාව 9413 ක් වේ.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 08:47

    Latest News