පාඨලිගේ සහ වජිරගේ අමාත්‍යංශ අයවැය පරාජයට පත්වේ

මාර් 28, 2019

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශයන්හි අයවැය කාරක සභා අවස්ථාවේදි පරාජයට පත්වි තිබේ.

    මෙම අමාත්‍යංශයන්හි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පැවත්විණ. ඒ අනුව අද පස්වරුවේ විවාදය අවසන්විමෙන් පසු විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටියා. ඒ අනුව පැවැති ඡන්දයේදි පක්ෂව ජන්ද 24 ක් සහ විපක්ෂව ඡන්ද 38 පිරිනැමුණ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය අයවැය වැඩි ඡන්ද 17 කින් පරාජයට පත්විය. අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශයන්හි අයවැය කාරක සභා අවස්ථාවේදි පක්ෂව ඡන්ද 23 ලැබුණ විපක්ෂව ඡන්ද 38 පිරිනැමිණි.

    Latest News