කිරි ගවයෙක් ඉස්සුවොත් දඩය ලක්ෂ 10 ක්

ඔක් 25, 2023
    කිරි ගවයින් සොරකම් කිරීම සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ, සත්ව සුබසාධන පනත සංශෝධන සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී.

    කිරි ගවයින් සොරකම් කිරීම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. එය වැඩි වශයෙන් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්රික්කයෙන්.
     
    මෙවැනි කරුණු සැළකිල්ලට ගනිමින්, කිරි ගවයන් සොරකම් කිරීම සඳහා පනවා තිබූ උපරිම දඩය වූ රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවිය යුතු බවයි, අමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ.
     
    එමෙන්ම, දැනට ඒ සඳහා සිරදඬුවමක් නොමැති බැවින්, බරපතල වැඩ සහිතව වසරක සිරදඬුවමක් පැනවීමට අවශ්ය ප්රතිපාදන සහිතව, පනත සංශෝධනය කිරීමේ අවශ්යතාව ද අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    Latest News