හරක්කටාව බේරන්න හැදූ සෙබලුන්ට රැඳවුම් නියෝග

ඔක් 26, 2023

    නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සලිඳු මල්ෂිත හෙවත් ‘කුඩු සලිඳු’ නැමැත්න් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් සංවිධානාත්මකව මුදා ගැනීමේ ප්‍රහාරයක සැලසුමක් සම්න්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනාගෙන්, දින 90 ක රැඳවුම් නියෝග මත  ප්‍රශ්න කෙරෙන බව, පොලිස් ආරංචි මාර්ග පවසනවා. ඔවුන්, විනය හේතු මත යුද හමුදාවෙන් ඉවත් කළ දෙදෙනෙකු බවයි, පැවසෙන්නේ.

    හරක් කටා නමැත්තාගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන ඇති ‘මිදිගම චූටි’ නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් එම ප්‍රහාරාත්මක සැලසුම සකස් කර ඇති බවයි, හෙළි වී ඇත්තේ. එම සැකකාර සෙබළුන් දෙදෙනාගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශනය කෙරෙන බව, පොලිස් ආරංචිමාර්ග පවසනවා. මේ පිළිබඳ හෙළි වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සහ ඉන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා.

    Latest News