දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව වෛද්‍යවරයෙකුට

මාර් 28, 2019

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කුලියාපිටිය රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(28) නඩු පවරා ඇත.

    දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරෙන පළමු නඩුව මෙයයි.

    2016 වසරේ ජූනි මස පළමුවනදා සහ එම වසරේ අගෝස්තු 31 දා දක්වා කාලසීමාව තුළ රසායනාගාර වාර්තා පිළිබඳ ටෙන්ඩරය ලබා දීම සඳහා "සත්සුව " නැමති පුද්ගලික රසායනාගාරයේ හිමිකරු වන අතුල රත්නසිරි යන අයගෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් එම වෛද්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News