ඉන්දීය ආරක්ෂක ඇමති හෙට මෙරටට ‍‍‍‍‍‍

සැප් 01, 2023

    ඉන්දීය ආරක්ෂක ඇමති රංජිත් සිංග් මහතා දෙදින නිල චාරිකාවක් සඳහා හෙට ශ්‍රී ලංකාවට ළඟාවනවා.

    ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම චාරිකවේ අරමුණ බවයි, ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ. ඉන්දිය ආරක්‍ෂක ඇමති රංජිත් සිංග් මහතා, හෙට සහ ඉරිදා යන දෙදින ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව, ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. චාරිකාව තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ද සාකච්ඡා පැවැත්වීමට ඉන්දී ආරක්ෂක ඇමතිවරයා අපේක්ෂා කරනවා අනතුරුව ඔහු නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ චාරිකා කිරීමට ද නියමිතයි.

    Latest News