ගුණාත්මක ඖෂධ මිලදි ගත්තත් වෛද්‍යවරුන්ගේ හිඟයක්......

මාර් 27, 2019

    බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමකට ලක් කර තිබෙනවා.

    අද ගුණාත්මක ඖෂධ වෙළඳාම සියයට 600කින් වැඩි වී තිබෙනවා. සෑම දුප්පත් මිනිසෙකුටම ගුණාත්මක ඖෂධ ගැනීමට හැකි වෙලා තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය කාරකසභා විවාදයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    දොස්තර රාජිත සේනාරත්න “වෛද්‍යවරු හිඟයි. සබරගමුව, කරාපිටිය පටන් ගත්තා. වසරකට 700ක් වෛද්‍යවරු බිහි වෙනවා. ඩයලිසීසි මැසින් මේ වසර වනවිට 1000ක් කරනවා. උතුරු මැද පළාතේ 2016 3377ක් වකුගඩු රෝගීන් 2011 දක්වා අඩු වෙනවා. 2016 සිට වකුගඩු රෝගීන් අඩු වී තිබෙනවා. බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකය පැසසුමකට ලක් කර තිබෙනවා. සුවසැරිය ගිලන් රථය තුළ දරුවන් 40ක් පමණ උපත ලබා දී තිබෙනවා. පළමු වරට ඖෂධ 44කට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. ගුණාත්මක ඖෂධ ප්‍රමාණය සියයට 600කින් භාවිතා කිරීම වැඩි වුණා.අද ගුණාත්මක ඖෂධ වෙලඳාම සියයට 600කින් වැඩි වී තිබෙනවා. අවුරුද්දකට බිලියන 4.4ක ලාබයක් රෝගීන්ට තිබෙනවා,මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළ.

    එදා රජයන් සෞඛ්‍ය කියලා වියදම් කළේ කොම්පැනිකරුවන්ටයි. පිළිකා ඖෂධ 10කට මිල නියම කළා.දොර විවෘත කළාම අලුත් ඖෂධ එනවා. 95%ක් පිළිකා ඖෂධවලින් සපයන්නේ රජයටයි. මෙයින් බිලියන දෙකකට කිට්ටුව ලාභයි. සමහර වෛද්‍යවරු අපට විරුද්ධව කතා කරනවා. බිස්නස් කරන අය ඉන්නවා කීපදෙනෙක්. ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළා. ගිවිසුම් 16ක් අත්සන් කළා. සියල්ල මැඩලමින් කටයුතු කරන්න් සිදු වෙලා. පිළිකා රෝගීන් මැරුණේ දුප්පත්කම නිසයි සල්ලි නැතිව. අක්ෂි කාච ලක්ෂයක් ජනතාවට ලබාදීමේ උත්සවයට සහභාගී වුණා. ලේ පිළිකා නිස දුප්පත් දරුවන් මියගියා. ඒ නිසා ඇටමිඳුළු බද්ධ කිරීම ආරම්භ කළා. දැන 52ක් ඇටමිදුළු බද්ධ කිරීම සිදු කළා. තැලසීමියා දරුවන්ට තට්ටු නවයක ගොඩනැගිල්ලක් හදනවා. අවයව බද්ධය තිබුණේ වකුගඩු විතරයි. අද වකිගඩු බද්ධ කිරීම සාමාන්‍ය බද්ධයක් වුණා. අක්මා බද්ධයට සියලු පහසුකම් දුන්නා. ආරම්භ කරනවා පළමු පෙනහළු බද්ධය ආරම්භ කරනවා.කිසිම ඖෂධයක් හිඟ නැතිව තිබුණා. පෞද්ගලික රෝහල්වල ගාස්තු නියාමනය කරන්න හදනවා. රෝහල් සංවර්ධනය කිරීම 28ක් හදිසි ප්‍රතිකාර ඒකක හදලා තිබෙනවා. ළමා රෝහල් 28ක් හදලා තිබෙනවා. පිළිකා රෝහල් 6ක් තිබෙනවා. රෝහල් සංවර්ධනයට විදේශ ආයෝජන ගෙනාවා. මිලියන 21කට ඊ හෙල්ත් කාඩ් ලබාදෙනවා. පරිගණක ගත කිරීම කරනවා රෝහල්යැයි ද අමාත්‍යවරය පැවසී ය.

     

     

     

     

     

     

     

     

    Latest News