කැලිඩෝ තීරයේ ඉදිකිරීම් ඇරඹේ..

මාර් 27, 2019

    දැඩි මුහුදු ඛාදනය හා ගංවතුර හේතුවෙන් විනාශයට පත්වූ කළුතර කැලිඩෝ වෙරළ තීරයේ ඉදිකිරීම් යළි ආරම්භ කෙරිණ.ඒ අදියර දෙකක් යටතේ.

    වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 300ක්. 2017 වසරේ ඇතිවූ ගංවතුර හේතුවෙන් දැඩි මුහුදු ඛාදනයක් සිදුවිය. කළු ගං මෝය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියටයි බලපෑමෙන් වැඩිම හානියක් සිදුවණේ. නිරන්තරයෙන් කළු ගඟට ලබන ජලය මිශ්‍රවීමෙන්, කළුතර හා තදාසන්න ප්‍රදේශවල පානීය ජල ගැටලුවක් ද උද්ගත විය. මීට විසඳුමක් ලෙස අදියර දෙකක් යටතේ නව ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබේ. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ.

    එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කිලෝ මීටරයක ස්ථීර ගල් වැටියක් ඉදි කෙරේ. වෙරළ තීරය සකස් කෙරෙන්නේ වැලි පොම්ප කිරීමේ ක්‍රමවේදය මගින්. වසරකින් එහි ඉදිකිරීම් නිය කිරීමට අපේක්ෂිතයි. ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ඇතුළු පිරිසක් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

     

    Last modified on බදාදා, 27 මාර්තු 2019 11:51

    Latest News