තහනම් මුහුදේ මාළු ඇල්ලූ 15ක් අල්ලයි

අගෝ 28, 2023

    නාවික හමුදාව, උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි 15 දෙනෙකු සිය බාරයට ගෙන තිබෙනවා‍.

    ඔවුන් තහනම් දැල් හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් බවයි නාවික හමුදාව පවසන්නේ. ලංකාපටුන, කුච්චවේලි හා ත්‍රිකුණාමලය යන මුහුදු ප්‍රදේශවල හා යාපනය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඩිංගි යාත්‍රා 6 ක්ද නාවික හමුදා බාරයට ගැනුණා. සැකකරුවන්, අවුරුදු 17 ත් 38 අතර වයසේ පසුවන්නන් වන අතර, ඔවුන් ත්‍රිකුණාමලය ඉචාලම්පත්තු, කුච්චවේලි සහ පුදුකුඩිඉරුප්පු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ.

    Last modified on සදුදා, 28 අගෝස්තු 2023 10:35

    Latest News