පළමු රන්දෝලිය අද (26)

අගෝ 26, 2023

    මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (26) වීදි සංචාරය කරනවා.

    ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.26ට පිටත් වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදියේ ගමන් කර යළි ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

    දෙවැනි රන්දෝලි පෙරහර හෙට (27) දළදා මාලිගාව ඉදිරිපිටින් රාත්‍රී 6.46ට පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. රන්දෝලි පෙරහර අද (26) සිට පුරා දින පහක් වීදි සංචාරය කරන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර දෙකේදී සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තිරාජයා පාවඩ මතින් උඩුවියන් සහිතව ගමන් කිරිම විශේෂත්වයක්.

    Latest News