දළදා සමිඳුන්ට මීපැණි පූජාව අද

අගෝ 26, 2023

    දඹානේ ආදිවාසි ජනතාව ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කරන මී පැණි පූජාව අද (26) දළදා මාලිගාවේ දී සිදු කෙරෙනවා.

    වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් 30 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මී පැණි පූජාව සඳහා පැමිණෙනු ඇති. දඹාන ආශ්‍රිත වනයෙන් සොයාගන්නා මී පැණි දළදා වහන්සේ වෙත පූජා කිරීම දශක ගණනාවක් තිස්සේ ආදිවාසීන් විසින් සිදු කරනු ලබන්නේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන දිනයේදී. මේ මී පැණි දළදා වහන්සේ විෂයයෙහි දෛනිකව සිදු කෙරෙන පූජා කටයුතුවල දී භාවිත කෙරෙන අතර, මී පැණි පූජාවෙන් පසු වැදි නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු ආදිවාසි කණ්ඩායම යළි දඹාන වෙත ගමන් ගන්නේ ප්‍රථම රන්දෝලි පෙරහර නැරඹීමෙන් අනතුරුවයි.

    Latest News