ජනපති සිංගප්පූරුවට

අගෝ 21, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21 ) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

    ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    එසේම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන්, තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි.

    Latest News