වසරකට සංචාරකයින් මිලියන 05ක් ගෙන්වාගැනීමට ජනපතිගෙන් නිලධාරින්ට ඉලක්කයක්

අගෝ 17, 2023

    වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදුන්නා. ශ්‍රී ලංකාව, ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමගයි, සාකච්ඡාව පැවැත්වුණේ. ඒ, ජනාධිපති කාර්යාලයේදී. සංචාරකයින්ට ආකර්ෂණීය සහ සුවපහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණා.

    මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අදාලව දැනට සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසුවා. සංචාරක අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන විසින් 2025 වසර දක්වා සකස් කරන උපාය මාර්ග සැලැස්මේ කටයුතු 95%ක් අවසන් බවයි, මෙහිදී සඳහන් කෙරුණේ සාකච්ඡාවේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවයි. මෙරට ගුවන් තොටුපොල සහ උද්‍යානවල තදබදය අවම කරමින් සංචාරකයින්ට පහසුකම් සැලසීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

    Latest News