විකෘතිවූ නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා‍ගැනේ

අගෝ 18, 2023

    කොවිඩ් වෛරසයේ ඉහළ විකෘතිතා සහිත නව ප්‍රභේදයක් හඳුනා ගෙන ඇති බව, අමෙරිකාවේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.

    අමෙරිකාව, ඩෙන්මාකය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයකින් නව ප්‍රභේදය හඳුනා ගෙන ඇති බවයි, එම ඒජන්සිය පෙන්වා දෙන්නේ.  “බී ඒ පොයින්ට් ටූ පොයින්ට් එයිට් සික්ස්” ලෙස නම් කර ඇති කොවිඩ් වෛරසයේ, මෙම නව ප්‍රභේදය අතිශයින්ම විකෘතිතාවලින් යුක්ත බවයි, පැවසෙන්නේ. ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් නව ප්‍රභේදය පාලනය කළ හැකි ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව, අමෙරිකාවේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කරනවා.

    Latest News