ඉදිරියේදී ගෝලීය අ‍භියෝගවලට මුහුණ දිය හැකි නව අධ්‍යාපන ක්‍රමයක් - ජනපති පවසයි

අගෝ 17, 2023

    ඉදිරි ගෝලීය අ‍භියෝගවලට මුහුණ දිය හැකි හා නවීන තාක්ෂණයත් සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව, ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා පවසනවා.

    නුගේගොඩ - අනුලා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදාන උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. විද්‍යාලයේ 2019 සහ 2020 වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය ඊයේ පැවැත්වුණේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. නුගේගොඩ අනුලා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණ පළමු අවස්ථාව මෙයයි. ඒ වෙනුවෙන් විදුහල්පති වයෝනි විශාකා රාජපක්ෂ මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා. ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත, ආචාර්ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්ර‍ධානී සාගල රත්නායක මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක සහ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News