දෘෂ්‍යාබාධිත නිවුන් දැරියන්ට ජනපතිගෙන් ප්‍රතිපාදන

මාර් 27, 2019

    උසස් අධ්‍යාපනයේ නිරත දෘෂ්‍යාබාධිත නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පියවර ගැනිණ.

    ප්‍රදානය ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. දෘෂ්‍යාබාධිත සිසුවියන් දෙදෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියි. වර්ණකුලසූරිය සඳුනි පේෂලා සහ රුක්ෂානි මේකලා උසස් පෙළ සමත්වූයේ මුන්දල සිංහල මහ විද්‍යාලයෙන්.

    පසුගිය වසරේ ජනාධිපතිතුමා පුත්තලම, මදුරන්කුලිය පැවති ග්‍රාම ශක්ති මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගී වෙමින් සිටිය දී මෙම සිසුවියන් දෙදෙනා කළ ඉල්ලීමකට අනූව දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් භාවිත කරන විශේෂ මෘදුකාංග සහිත ලැප්ටොප් පරිගරණක දෙකක් ද, ඔවුන් වෙත ලබාදීමට ජනාධිපතිතුමා මීට පෙර පියවර ගත්තේය.

    Last modified on බදාදා, 27 මාර්තු 2019 07:40

    Latest News