නියඟයෙන් සිදුවූ වගා හානි තක්සේරුවට ඇමති උපදෙස්

අගෝ 07, 2023

    නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය වහා තක්සේරු කිරීම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්.. බී. වීරසේකර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවට පසුව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

    "වගා හානි වන්දි දීම මගින් අවසන් කළ නොහැක. කෘෂිකර්මාන්තය යනු මේ රටේ ජනතාවගේ ජීවනාලියයි. එසේ වුවත් නියඟය නිසා ගොවි ජනතාවට සිදුව ඇති හානිය පූර්ණය කළ යුතුව තිබෙනවා. වගා හානි සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් දුන්න ද එය ප්‍රමාණවත් නැත." එම නිසා වන්දි මුදල ඉහළ දැමිය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    පසුගිය වසරේ දී සිදුවු වගා හානි වෙනුවෙන් රුපියල් බිලියන 1.7ක මුදලක් ලබා දී ඇති අතර එය මෙම වසරේ දී වැඩිවිය හැකි බව ද අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.

     

    Latest News