ජල ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි

අගෝ 03, 2023

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගාස්තු සංශෝධනය බලාත්මක වන්නේ අගෝස්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදියි.

    පසුගිය වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව ගාස්තු සංශෝධනය වන බවට දක්වා ඇති අතර ඒ අනුව ඇතැම් ගාස්තු අඩු කිරීමක් ද එමගින් දක්නට ලැබෙනවා.

    මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවනවා.

    කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බව සඳහන් ය.

    අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබෙනවා.

    පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

    ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද මෙවර සංශෝධනයේදී ඉහළ දමා තිබෙනවා.

    මීට පෙර පසුගිය සැප්තැම්බර් මස පළමු වනදා ද ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකරනු ලැබීය.

    ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

    ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්

    0 – 5 ඒකකයක් රු. 60
    මාසික ගාස්තුව රු. 300

    6 -10 ඒකකයක් රු. 80
    මාසික ගාස්තුව රු. 300

    11 -15 ඒකකයක් රු. 100
    මාසික ගාස්තුව රු.300

    16 – 20 ඒකකයක් රු. 110
    මාසික ගාස්තුව රු. 400

    21 – 25 ඒකකයක් රු. 130
    මාසික ගාස්තුව රු. 500

    Latest News