කිලිනොච්චි - මුලතිව් වන විනාශය ගැන අනාවරණයක්..... එකම පිරිසකගේ වැඩක්...(විඩියෝ)

මාර් 25, 2019
  • විපල්පත්තුවේ පරිවාර වනාන්තර මෙන්ම මුලතිව් සහ කිලිනොච්චියේ වනාන්තර ද පසුගිය රජය සමයේ කපා දැමු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද ගස් කැපීම කථා කරන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදි මෙම අපරාධ සිදුවු බවත් ඔහු එය නොදැක්කාසේ සිටි බව ඔහු කියා සිටි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදි මෙන්ම ආරක්ෂක ලේකම්ව සිටියදි මෙම වනාන්තර කැපීම සිදුවු බවත් එය මාධ්‍ය විසින් රටට හෙලි කල යුතු යැයි ඔහු කියා සිටියේ කළුතර පැවති ජනාතා විමුක්ති පෙරමුණේ රැළියකට එක්වෙමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස “2012 වසරේදි හිටපු විධායක ජනපතිට බැරි වුනා මෝදරගං ආරුවල මුසලි බල ප්‍රදේශයේ තිබෙන ගස් කපන කොට එක වලක්වන්න. දැන රට හඳන්නම් කියලා එන ගෝඨාභය රාජපක්ෂ එදා ආරක්ෂක ලේකම්ට බැරි වුණා විපල්පත්තු රක්ෂිතය නොවෙයි එකට උඩින් තියෙන පරිවාර රක්ෂිතවල ගස් කපන්න එනකොට ඒක වලක්වන්නට බැරි වුනා. අද මේ වන විනාශය ගැන කථා කරන ගෝඨාභය රාජපක්ෂ නඩුවලට ගොස් උසාවියෙන් එලියට එනකොට අහන්න ඕනේ 2012 වසරේ තමන් ආරක්ෂක ලේකම්, එදා ඒක බේරගන්න බැරි වුනේ ඇයි කියලා. මහින්ද රාජපක්ෂගෙන් අහන්නට ඕනේ එදා තමන් ගස් කපනකොට ආරක්ෂක ඇමති ඇයි ඒක වලක් වන්නට බැරි වුනේ කියලා. බැසිල් රාජපක්ෂ මල්වානේ නඩුවට ගිහින් එනකොට අහන්න ඔනේ මෝදරගං ආරුවල පමණක් නොවේ මුලතිව්වල, කිලිනොච්චියේ වනාන්තර කප කපා මිනිස්සු පදිංචි කෙරුවේ ඒක සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියලා ප්‍රශ්නයක් නොවෙයි. උතුරු වසන්තය කියා අක්කර 6000 ගණන් කපනකොට මේ රටේ මාධ්‍ය අහන්න ඕනේ එදා නමුන්නාන්සේට මේක වලක් වන්න බැරි වුනේ ඇයි කියලා. අද මේ පරිසරය රැක ගන්න කතා කරණ කාටවත් බැරි වුනා ගස් කපන එක නතර කරන්න. ගස් කැපුවා... රක්ෂිත ද නැති කියන එක නෙමෙයි ප්‍රශ්නය එවා අපේ රටේ වන ඝාහනය අඩුවීමට බලපෑව යැයි“ ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 13:52

    Latest News