දවස් 5 ක දීර්ඝ නිවාඩුව ඇයි ? මහ බැංකු අධිපති හෙළි කරයි (වීඩියෝ)

ජූනි 26, 2023
  • ජුනි මස 30 වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට, රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව ජූනි 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බවයි.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපාරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    ඒ අනුව දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු බයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

    මෙම වැඩපිළිවෙළ තුළ දේශීය බැංකු සහ බැංකු නොවන තැම්පත් ලබාගන්නා ආයතනවල තැම්පත් මුදල් හෝ ඔවුන් ලබා ගන්නා පොලී මුදල් සඳහා කිසිදු හානියක් නොවන බවයි, බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ අතර අදාළ දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු හා අන්තර්ජාලය හරහා සිදුකර බැංකු කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    Last modified on සදුදා, 26 ජූනි 2023 10:53

    Latest News