පොලිස් ඔත්තුවට තෑගි වැඩි කරයි

ජූනි 25, 2023

    නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සොයා ගන්නා පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබ දෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.

    ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිස්පතිවරයා විසින්.

    පොලිස් නිලධාරින් සහ ඔත්තුකරුවන් දිරිගැන්වීමේ පියවරක් ලෙසයි, මෙය ක්‍රියාත්මක කර ඇත්තේ. 2019.09.18 දිනැති පොලිස්පති චක්‍ර ලේඛයකයේ සඳහන් ප්‍රතිපාදනවලට යටත්ව අදාල ගෙවීම් සිදු කිරීමට, පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මෙම මස 25 වැනිදා සිට ලබන මස 31 වැනිදා දක්වා කාලය තුල සිදු කරන වැටලීම් වලදී අත්අඩංගුවට ගනු ලබන නිතීවිරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සඳහා මෙහි ත්‍යාග මුදල් ගෙවීමට නියමිතයි. ඒ අනුව අත්අඩංගුවට ගනු ලබන ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් දෙලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා මුදලක් ත්‍යාග වශයෙන් ලබා දෙනු ඇත. සෙසු ගිනි අවි සඳහා රුපියල් 10,000 සිට රුපියල් 250,000ක් දක්වා වූ මුදලක් ත්‍යාග වශයෙන් ගෙවීමටයි, පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ. විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බයක් අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 15000 සිට රුපියල් 25000 දක්වා ත්‍යාග මුදලක් හිමි වනු ඇති.

     

    1.jpg

     

    2.jpg

    Last modified on ඉරිදා, 25 ජූනි 2023 17:34

    Latest News