කොරියාවේ පැවති අන්තර්ජාතික බොදු සඟ සමුළුව

ජූනි 24, 2023

    දකුණු කොරියාවේ පළමු අන්තර්ජාතික බොදු සඟ සමුළුව පසුගියදා පැවැත්වුණා.

    ඊට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. දකුණු කොරියාවේ යූ-වන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී  "සදහම් අමා වැස්ස" වැඩසටහන ආරම්භ කෙරුණේ, පූජ්‍ය මාවරලේ භද්ධිය ස්වාමීන් වහන්සේ විසින්. තරුණ තරුණියන් පිරිසක් එහිදී සිල් සමාදන් වුණා. අනතුරුව ස්වාමීන් වහන්සේ  සියක් නමක් පිණ්ඩපාත දානමය පිංකමක් ද පැවැත්වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියා.

    ශ්‍රී  ලංකාව, දකුණු කොරියාව, තායිලන්තය ඇතුළු රටවල් 9 ක සහභාගිත්වයෙනුයි, ජාත්‍යන්තර සඟ සමුළුව පැවැත්වුණේ. ධර්ම සාකච්ඡා, දන්සැල් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කර  තිබුණා. දකුණු කොරියාවේ ප්‍රධාන සංඝ නායක කොරියා-ශ්‍රී ලංකා මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ත හිමියන්ගේ සංකල්පයක් මත සමුළුව සංවිධාන කෙරුණා. ඒ  කොරියාවේ ජාත්‍යන්තර භික්ෂූය සංගමයේ සහය ඇතිවයි.

    Latest News