පොලිස් නිලධාරින්ට දෙමළ භාෂා දැනුම

ජූනි 24, 2023

    වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පොලිස් නිලධාරීන් 2,626 දෙනෙකු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා තිබෙනවා.

    ඔවුන්ට සහතිකපත් ප්‍රදානය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා.  පොලිස් නිලධාරීන් උතුරු පළාතේ රාජකාරිවල යෙදීමේදී දෙමළ භාෂාව දැන සිටීම අත්‍යවශ්‍ය වනවා. ඔවුන්ගෙන් ජනතාවට පුළුල් සේවාවක් ලබාදීම සඳහායි මෙම පාඨමාලාව හඳුන්වාදී ඇත්තේ. ඒ, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින්. උතුරු පළාතේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් 2,626 දෙනෙකු ද්වීතියික මට්ටමේ දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබෙනවා.

    Latest News