ටයිල් හා සනීපාරක්ෂක උපාංග ආනයනයට ඉඩ ඉල්ලයි

ජූනි 23, 2023

    ටයිල් හා ඒ ආශ්‍රිත සනීපාරක්ෂක උපාංග ආනයනයට පහසුකම් සලසා දෙන ලෙස ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

    ඔවුන් පෙන්වාදෙන්නේ, ඒ තුළින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නගා සිටුවීමට හැකියාව පවතින බවයි.

    ටයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම වසර 03ක පමණ සිට නවතා ඇති බව ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයන කරුවන්ගේ සංගමය කියා සිටිනවා. මේ හේතුවෙන් ආනයනකරුවන්, ප්‍රදර්ශනාගාර හිමියන් ඇතුලු පාර්ශවයන්ගේ ආර්ථික තත්ත්වය පහළ ගොසින්.  ඉල්ලුමට සරිලන පරිදි ටයිල් නොලැබීම ඊට හේතුවයි. මේ වන විට ටයිල් කැටයක් වෙළෙඳපොලේ අලෙවි වන අවම මිල රුපියල් 1,400ක් පමණ වනවා.

    Latest News