අනුරාධපුර මහ‍ රෝහලේ MRI යන්ත්‍රය අක්‍රීයවීමෙන් රෝගීන් පීඩාවට

ජූනි 12, 2023

    අනුරාධපුර මහ‍ රෝහලේ එම්.ආර්.අයි. යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් පීඩාවට පත්වී තිබෙනවා.

    මාස කිහිපයක සිට එය අක්‍රීයවී ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පවසන්නේ.

    කාර්මික දෝෂයක් හේතුවෙන් යන්ත්‍රයඅක්‍රීයවූයේ ඉකුත් ජනවාරි මාසයේදී. එය යළි මාස 03කින් පමණ යථා තත්ත්වයට පත්කෙරුණා. මාසයක් පමණ සාමාන්‍ය පරිදි එය ක්‍රියාත්මක වුවත්, දෛනික නඩත්තු කටයුත්තකදී යළිත් එම යන්ත්‍රය අක්‍රීයවී තිබෙනවා.
    මේ හේතුවෙන් රෝගීන් පීඩාවට පත්වඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළා.

    අනුරාධපුර මහ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පවසන්නේ කඩිනමින් මෙම යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

    Latest News