ලෝක සාගර දිනය අදයි

ජූනි 08, 2023

    සාගර මගින් මිනිස්සුන්ට ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සහ සාගර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම ජූනි 08 වැනි දින ලෝක සාගර දිනය (World Oceans Day) සමරනු ලබනවා.

    ඒ අනුව මෙවර සාගර දිනයේ තේමාව වන්නේ ''වෙනස්වන පෘථිවි සාගරය'' යන්නයි. 

    1992 ජුනි 8 වැනි දින එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCED) – කැනඩාවේ සාගර ආයතනය විසින් සාගර සඳහා ජාත්‍යන්තර දිනයක් සඳහා මුලින්ම අදහස යෝජනා කෙරිණ.

    පසුව 2008 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාව සම්මත කරන ලද අතර එය සෑම වසරකම ජුනි 8 ලෝක සාගර දිනය ලෙස සැමරීමට ප්‍රකාශයට පත් කරන ලදී.

    Latest News