ජනපතිගෙන් මුදල් විශුද්ධිකරණයට එරෙහිව දැඩි තීන්දුවක්

ජූනි 04, 2023

    මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ, ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදිම ක්‍රියාවට නංවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ‍රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ හැකියාව කෙරෙහි, එය ඍජුව බලපාන බවයි.  නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයේ පැවති ජාතික නීතිඥ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය යන තේමාව යටතේ පැවති සමළුව, අදින් අවසන්. අවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන් ඇතුළු නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මේ අවස්ථාවට එක්ව සිටියා. රට ඉදිරියට ගෙන යාමේදී ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

    Latest News