ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

මැයි 27, 2023

    ඩිජිටල් උප්පැන්න සහතික කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

    තාක්ෂණ අමාත්‍යාංශය හා එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ හා විවාහ සහතික නොමැති පුද්ගලයින්ට එම සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එම ජංගම සේවාව පැවැත්වුණේ, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. ‍මෙතෙක් විවාහ සහතික නොමැතිව සිටි අයට එම සහතික ලබාදීමද මෙහිදී සිදු කෙරුණා. ඊට සාක්ෂිකරු ලෙස අත්සන් තැබුවේද රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතායි.

    Latest News