"පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය" යලි ඇරඹීමට අගමැතිගෙන් උපදෙස්

මැයි 10, 2023

    ‍‍‍‍‍‍"පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය" කඩිනමින් යළි ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

    එහි ඉදිකිරීම් සිදු කරන නිලධාරින් සමග පැවති සාකච්ඡාවකට ඊයේ එක්වෙමිනුයි, ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.  අරමුදල් සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන්, මෙම ව්‍යාපෘතිය අතර මඟ නවතා දැමුණා. යාන් ඔයේ ජලය මත පාවෙන සූර්ය පැනල සවි කර සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

    යාන් ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන නියෝජිත ඇලෙක්ස් ගුඕ මෙහිදී පෙන්වා දුන්නේ, සූර්ය පැනල ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිෂ්පාදනය කෙරෙන විදුලිය, ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කළ හැකි බවයි. ඒ අනුව, පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය" නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉන් උපයා ගත හැකි බවද, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

    "පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය" යටතේ ජලාශයක්, මීටර 3,590 ක් දිග පස් වේල්ලක්, ඉදිකෙරෙනවා. නව ජනාවාස, ප්‍රදේශයට ඇළ මාර්ගයක් සහ බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂිතයි. මල්වතු ඔයේ ඉහළ ජල පෝෂකයෙන් 70% ක් පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. පහළ ජල පෝෂකය වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට අයත්.

    Latest News