කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

අප්‍රේ 28, 2023

    කොලොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) වනදා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ අනුව කොලොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවල එදින පෙරවරු 11 සිට රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

    කොලොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

    Latest News