ඔස්ට්‍රේලියානු සූප ශාස්ත්‍ර ෆෙඩරේෂනය සහ ලෙගියුම්ස් ෆ්‍රොම් යුරෝප් (Legumes from Europe) යන ආයතනය එක්වයි මෙම තරගය මෙහෙයවනු ලැබුවේ.
එහිදී පළමු ස්ථානය දිනාගැනීමට මෙල්බන් හි වාසය කරන ලාංකික සූපවේදී දොන් ෂර්මන් සමත්වූ අතර දෙවැනි ස්ථානය ඇඩිලේඩ් නුවර වාසය කරන ලාංකික සූපවේදී මෙලාන් එඩිසන් විසින් දිනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධානම සූපවේදීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ආහාර වට්ටෝරුවක් පිළියෙල කරන ආකාරය යූ ටියුබ් වෙත එක් කිරීමයි එහිදී සිදුකල යුතු වූයේ.
එහිදී වැඩිම ලයික්ස් ප්‍රමාණය හිමිකර ගත් දොන් ෂර්මන් හට ඉතාලියේ සූප ශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවක් සඳහා නැවත ගොස් පැමිණිමට අවස්ථාව උදාවී තිබෙනවා.
දෙවන ස්ථානය දිනාගත් මෙලාන් එඩිසන් හට සිය ආහාර වට්ටෝරුව සූප ශාස්ත්‍ර පිළිබඳ සගරාවක පළ කර ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවුණා.