වාහනයක් ගිනිගෙන පුද්ගලයකු ජීවිතක්ෂයට

මාර් 22, 2019

    මොනරාගල පොලිස් වසමේ හොරොම්බුව සුදුවතුර ආර මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක දී වාහනයක් ගිනි ගැනීමකට ලක්ව පිළිස්සී පුද්ගලයෙකු මියගස් ඇතැයි, පොලීසිය පවසයි.

    අද (22) අළුයම අනතුර මෙය සිදුව තිබේ.  මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 50 ක් වු නව ඩිපෝව පාර, හුලංදාව, මොනරාගල ප්‍රදේශයේ පදිංචි වනසිංහ ගුරුගේ චන්දන පුෂ්පකුමාර නැමැත්තෙකු බව පොලීසිය පවසයි.

    බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුර දිගයාමෙන් මොහු නිවසින් පිටව ගොස් ඇත්තේ, ගිනිගෙන ඇති කැබ් රථයෙන් බවට අනාවරණය වී තිබේ.

    මෘත ශරීරය මේ වනවිට කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත. රත්ගම පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News