දෙදෙනෙකුට දිවි අහිමි කළ ගලිවල

මාර් 27, 2023

    කොටහේන, හෙට්ටියාවත්ත ජෝර් ජ් ආර් ද සිල්වා මාවතේ පිහිටි මල අපවහන පද්ධතියක් පිරිසිදු කිරීමට ගිය පුද්ගල‍යින් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

    ඔවුන් කොළඹ මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙක්.  පුද්ගලයින් දෙදෙනා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී එම මල අපවහන පද්ධතිය තුළට වැටී තිබෙනවා. පසුව එහි සිරවීමෙන් ඔවුන් මියගොස් ඇති බවයි, වාර් තා වන්නේ. කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් ඔවුන්ගේ සිරුරු ගොඩ ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විමර් ශන ආරම්භ කර තිබෙනවා.

    Latest News