නෙලුම් කුලුනට අ.ඩො. බිලියනයක ආයෝජනයක්...

නොවැ 18, 2022
  • සිංගප්පූරු ආයෝජන සමාගමක් සහ නෙළුම් කුලුන පාලන අධිකාරිය අතර අද (18) ගිවිසුමක් අත්සන් කෙරුණා.

    ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් කුලුන පරිශ්‍රයේ ඉදිරි වසර 3 ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජනයක් මෙමගින් ගෙන ඒමට නියමිතයි. ඉදිරි මාස 6 තුළ නෙළුම් කුලුන පරිශ්‍රයේ කැසිනෝ ශාලාවක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් සංවර්ධනය කෙරෙනවා. එමඟින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ ආයෝජන සංචාරක ක්‍රියාකාරකම් සංවර්ධනය වනු ඇති. විශේෂයෙන් රාත්‍රී ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් නෙළුම් කුලුන ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම සැලසුමයි. මේ අවස්ථාවට සිංගප්පූරු සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Last modified on සිකුරාදා, 18 නොවැම්බර් 2022 18:40

    Latest News