රු. කෝටියක මාළු තල්පිටියෙන්...

නොවැ 15, 2022

    කෙටි කාලීනව වාසියක් වුවත්, දිගුකාලීනව අවාසි සහගත සිදුවීම් තියෙනවා.

    පරිසරයට හා සතුන්ට කරන හානිය ඉන් ප්‍රධානයි. මූල්‍යමය වශයෙන් වාසි වුනාට, දිගුකාලීනව එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන්නේ, මිනිසාටමයි. මත්ස්‍යයින් වසරේ නියමිත කාලවලදී මුහුදේ එක් තැනකට විශාල වශයෙන් එකතු වනවා. ඒ තම ප්‍රජනන කාර්යය සඳහායි. මත්ස්‍යයින් විශාල රංචු වශයෙන් එක්වීමේ මෙම ක්‍රියාවලිය මනරම් දසුනක්. දස දහසක් වන පිරිමි හා ගැහැණු සුහුඹුල් සතුන් මෙම කාර්යයේදී මුහුදු පත්ලට එක් කරන්නේ ඉතා දර්ශණීය චිත්‍රයක්. මෙම අවස්ථාවේදී ගැහැණු සතුන්, තම බිත්තර ජලයට මුදාහරින අතර , පිරිමි සතුන් ඒ මතට තම ශුක්‍රානු මුදා හැරීමෙන් වර්ගයා බෝ කිරීම ආරම්භ කරනවා. මෙම සිදුවීම බොහෝ විට ගල්පර ආශ්‍රිතවයි සිදු වන්නේ. අප රටේ මසුන් රංචු වශයෙන් අභිජනනය කරන ස්ථාන පිළිබඳ තොරතුරු ඇත්තේ ඉතා අල්ප වශයෙන් මේ නිසාම, ධීවරයින් මසුන් විශාල රංචු වශයෙන් අල්ලා ගනු දක්නට ලැබෙනවා.

    රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ, වාද්දුව, තල්පිටිය ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූයේද මෙවැනි සිදුවීමක් බවයි. එම මුහුදු ප්‍රදේශයේ මාදැලකට පරව් මත්ස්‍යයින් කිලෝ 15,000 ක් හසුවී තිබුණා. ධීවරයින් පැවසුවේ, එහි සිල්ලර වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි.

    Last modified on අඟහරුවාදා, 15 නොවැම්බර් 2022 19:40

    Latest News