තංගල්ල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට

මාර් 20, 2019

    දෙමළ ඩයස්පෝරාව සහ ඇතැම් දේශපාලඥයින්, යුද ජයග්‍රහණය ජිනීවාහි දී අවතක්සේරු කිරීමට උත්සහ කරන බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    තංගල්ල ප්‍රාදේශීය සභාවේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේය. ඊට වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 56ක්. ප්‍රාදේශීය සභා පරිශ්‍රයට පැමිණි විපක්‍ෂනායකවරයා, සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළේය.

    ජනතා නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News