මොරටුමුල්ල ඝාතනයේ සැකකාරියක් අල්ලයි

මාර් 21, 2019

    මොරටුමුල්ල ප්‍රදේශයේ දී පසුගියදා ඇත්වූ මනුෂ්‍ය ඝාතනවලට අනුබලදුන් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට හැකිවී තිබේ.

    පසුගිය 14 වැනිදා මොරටුමුල්ල, පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි, මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුත්‍රයාගේ මිතුරෙක් ද මියගොස් තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් දුන් සැකකාරියෙකුයි මෙලෙස ඊයේ වැලිගම දී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

    ඇය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 08:55

    Latest News