රටේ පවතින්නේ සංක්‍රාන්ති සමයක්.....අගමැති

මාර් 20, 2019

    ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට හැකිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    2018 වසරේ ශ්‍රී ලංකාව ගෙවි යුතු ණය වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට ද මූලික වශයෙන් රජය සමත්ව ඇතැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රී කොළඹ පැවති ව්‍යාපාරික සමුළුවකදී.

    “ෆයර් සයිඩ් චැට්-2019“ යනුවෙන් නම් කර තිබූ ව්‍යාපාරික කථිකාවත සංවිධාන කළේ, අන්තර් ජාතික වාණිජ මණ්ඩලය හා ඩේලි එෆ් ටී පුවත්පත එක්වයි. මෙරට මුල් පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන් මෙන්ම, අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලන ප්‍රධානීන් රැසක් ද සමුළුවට එක්ව සිටීම විශේෂත්වයක්. සමුළුවේ මූලික අපේක්‍ෂාව වූයේ මෙරට ආර්ථිකයේ නව ප්‍රවණතා ගැන අවධානය යොමු කිරීමයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළේය.
    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....
    “ අප හමුවේ ඇති අභියෝගය නම්, රටේ අපනයන ආදායම වැඩි කිරීමයි. පසුගිය වසර කිහිපය තුළ රටේ වෙළෙඳාම් නොවන ක්‍ෂේත්‍ර ගණනාවක දියුණුවක් දක්නට ලැබෙනවා. එහෙත්, වෙළෙඳ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින තත්වය වෙනස් විය යුතුයි. අපිට ලැබී ඇති වාසිදායක මූල්‍ය තත්වයන් අනුව වර්ධනය කරා යා යුතුයි. එහෙත් අප ඉන්නේ සංක්‍රාන්ති සමයකයි. ඉදිරි කාලයේදී පොලී අනුපාත අඩුවීම, උද්ධමනය පාලනය කිරීම හා මූල්‍ය විනයක් ඇති කිරීමට අපේක්‍ෂිතයි. වර්ධනය කරා ළඟාවීමට නම් නව ක්‍ෂේත්‍ර හඳුන්වාදීමට අවශ්‍ය වනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Latest News